පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙන හදිසි අවස්ථා ප්රකාශනයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සහ සමගි ජනබල සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වුණා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා පැවැත්වීමේ අයිතිය සහ මහජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්දන කිරීමේ අරමුණෙන් ගෙන එනු ලබන හදිසි නීතියට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි සමගි ජන බලවේගය සදහන් කරන්නේ. ජනතාවගේ ගැටලුවලට සැබෑ විසදුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්දනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ආණ්ඩුව සමඟ සම්බන්ධ නොවීමට ද තීරණය කර ඇති බව සමගි ජන බලාවේගය නිකුත් කළ නිවේදනයේ සදහන්. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටලුවලට විසදුම් සෙවීමට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් අරඹන්නේ නම් ඒ සදහා සහයෝගය දීමට තීරණය කරන ලද බවද සමගි ජන බලවේගය වැඩිදුරටත් දැනුම් දෙනවා.