හිඟ විදුලි බිල් ගෙවන්න වසරක සහන කාලයක්

දැනට පවතින හිඟ විදුලි බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ මාස 2ට බිලියන 44ක මුදලක් අයකර ගැනීමට ඇති බවයි.

හිඟ මුදල් ඇති පුද්ගලයින්ට මාස 12ක් තුළ එය ගෙවීමට හැකි බවත්, අවසන් බිලද එම කාලය තුළදී ගෙවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පුවත යවන්න