හිමාලයේ ග්ලැසියරයක් කඩා වැටී ඉන්දියාවේ 150ක් අතුරුදන් -Video

හිමාලයේ ග්ලැසියරයක් කැඩී ඉන්දියානු වේල්ලකට ඇද වැටීමෙන් හටගත් ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් ඕම් ප්‍රකාශ් පැවසුවේ සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව ගැන කල් තබා අනාවැකි පල කළ නොහැකි බවයි.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු පැවසුවේ දැවැන්ත ග්ලැසියර බිත්තියක් කඩා වැටීමෙන් පසු අඩි සිය ගණනක් උස ජල ධාරිතාවයක් පහත නිම්නයට කඩා වැටුණු බවයි.
එය ඉතා වේගයෙන් පැමිණි බවත් කිසිවෙකු දැනුවත් කිරීමට කාලයක් නොතිබුණු බවත් ඔහු රොයිටර් පුවත් සේවයට පැවසුවා.
ග්ලැසියරය කඩා වැටුණු කලාපයට පහතින් පිහිටි ජල විදුලි ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයින් මෙන්ම එහි ගම්වැසියන් ද අනතුරට පත්ව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
අනතුරට පත්වූ වේලලේ සේවය කළ 50 කට අධික පිරිසෙන් ජීවිත බේරා ගෙන ඇත්තේ කිහිප දෙනකු පමණයි.
මේ වන විට නිම්නයේ පහතට ගලායන ජල ධාරිතාවය අනතුරුදායක නොවන කලාප වෙත යොමුකිරීම සඳහා වේලි රැසක් විවෘත කර තිබෙනවා.
අවදානමට ලක්විය හැකි ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් ද සිදුකර ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් ජනාවාස වෙත ජල ගැලීම් සිදුවූ බවට මෙතෙක් වාර්තා නොමැති බවයි ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ.
දැනටමත් හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත්වූවන් බේරාගනිමින් පවතිනවා.

පුවත යවන්න