හිමිනමකගෙන් අල්ලස් ගැනීමට ගිය ට්‍රැෆික් OIC රිමාන්ඩ්

හිමිනමකගෙන් අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නෝටර්බ්‍රිජ් පොලීසීයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ඊයේ පස්වරුව දක්වා ප්‍රශ්න කර තිබූ අතර සැකකරුවන් අදාළ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලා ඇති කප්පම් මුදල රුපියල් ලක්ෂ 10ක්.
ඒ, උන්වහන්සේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ව පවසමින්.
එම මුදල ලබා දීම සඳහා අදාළ භික්ෂූන් වහන්සේ මූල්‍ය ආයතනයකට වැඩම කරන අවස්ථාවේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව බලපිටියල හීනටිය ප්‍රදේශයේදී සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

පුවත යවන්න