හියුමන් රයිට් වොච් ලංකාවට ගොරවයි / මූල්‍යාධාරවලට කොන්දේසි දමන්න ඉල්ලයි

ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දෙන විට එය මානව හිමිකම් මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙස ලබා දෙන්නැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා සංවිධානවලින් ඉල්ලා තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.

ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, නීතිඥයින්, වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ සුළු ජාතීන් පීඩාවන්ට පත් කර ඇති බවයි.

එමගින් හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගවීම ඉදිරියට ගෙන යා හැකි යෝජනාවකට සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙවර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට නිශ්චිත අවස්ථාවේ සාර්ථක ප්‍රතිචාරයක් දක්වන බවයි රජය අවධාරණය කළේ.

පුවත යවන්න