හේමා ප්‍රේමදාස නිල නිවස භාරදෙයි

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනිදා සිකුරාදා බාර දී තිබෙනවා.

සෑම හිටපු ජනපතිවරයකුටම ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට පාවිච්චි කිරීමට අයිතිය හිමිවෙයි.

මේ අනුව ප්‍රේමදාස මහත්මියටද ඒ පදනම අනුව රජයෙන් නිල නිවෙසක් හිමිව තිබිණ. එහෙත් ඇය මෙම නිවෙස පාවිච්චි කර නොතිබූ අතර ප්‍රේමදාස මහත්මිය පදිංචිව සිටියේ ඇයගේ පෞද්ගලික නිවෙසේය.

මේ අනුව ඇය නිල නිවෙස රජයට නැවත බාර දුන් බව සමගි ජන බලවේග පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර හේමා ප්‍රේමදාස මහත්මිය රජයේ නිල නිවෙසක් ලබා ගැනීම ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කළහ.

පුවත යවන්න