ළහිරු කුමාරට හා ලින්ටන් දාස්ට දඩ නියම කරයි

ලෝක කුසලාන 20 යි විස්ස ක්‍රිකට් තරඟාවලයේ ශ්‍රී ලංකා හා බංග්ලාදේශය අතර තරඟයේදී ඇතිවූ සිද්ධියට අදාළව ළහිරු කුමාරට හා ලින්ටන් දාස් හට දඩ මුදල් නියම කර තිබෙනවා.
ඒ අනුව ළහිරු කුමාරට තරඟ ගාස්තුවෙන් සියයට 25ක් අහිමි කර ඇති අතර ලින්ටන් දාස් හට සියයට 15ක් අහිමි කර තිබෙනවා.
මේ අතර ක්‍රීඩකයන් දෙදෙනාටම සෘණ ලකුණ බැගින් එක් කිරීමට ද පියවර ගෙන තිබුණා.
ඊයේ තරඟය අතරතුර ළහිරු කුමාර විසින් ලින්ටන් දාස් අවදානමට ලක්වන අයුරින් කඩුල්ල වෙත පන්දුව යොමුකිරීමට තැත් කිරීම සමග මෙම මතගැටුම හට ගැණුනා.
අනතුරුව ළහිරු කුමාර විසින් ලින්ටන් දාස් දවාගත් අවස්ථාවේදී එය වඩාත් උණුසුම් සංවාදයක් බවට පත්වුණා.

පුවත යවන්න