ෆයිසර් එන්නත දරුවන්ට සියයට 100 ක් සාර්ථකයි / සායනික පරීක්ෂාවෙන් හෙළිවෙයි

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට සියයට සියයක් සාර්ථක බව අනාවරණ කර තිබෙනවා.
අමෙරිකාවේ දරුවන් 2260ක් භාවිත කරමින් සිදුකළ නවතම සායනික පරීක්ෂාවේ 3 වන අධියර අනුව , එන්නත ලබාගත් කිසිදු දරුවකුට වෛරසය ආසාදනය වී නොමැතිවීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එම වයස් කාණ්ඩයේ දරුවන් අතර හානිකර නොවන අතුරු ආබාධ වාර්තාවී ඇති අතර උණ , හිසරදය හා එන්නත් කළ ස්ථානය වටා ඉදිමීම වැනි තත්ත්වයන් ඊට ඇතුලත්.
කෙසේ වෙතත් දින කිහිපයකින් එම තත්ත්වය සමනයවී තිබෙනවා.
ඒ අනුව පාසල් ආරම්භ කිරීම සදහා උචිතම ක්‍රමවේදයක් ලෙසයි පාසල් ආශ්‍රිත එන්නත්කරණය නම් කර ඇත්තේ.

පුවත යවන්න