113 පෙන්නන කණ්ඩායමකට ආණ්ඩුව හදන්න දෙනවා /ජනපති

කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසූ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

ඒ උද්ගත වී ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබූ පසුබිමකය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට අද පස්වරුවේ තීන්දු කළේය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග

“ජනාධිපති කිව්වා 113 තියනවා නම් කවුරුහරි ගෙනැල්ලා දුන්නොත් එයාට ආණ්ඩුව භාර දෙන්න පුලුවන් කියලා. ඊට අමතරව සියලුම පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා කැබිනට් එකක් පත් කරන්න. ඉතින් අපි බලාගෙන ඉන්නවා ඒ අයගේ ප්‍රතිචාර. දැන් මෙච්චර දවස් කෑ ගැහුවා නම්, ඒගොල්ලන්ට ඕනේ කිව්වා නම්, දැන් එයාලට අවස්ථාව දිලා තියෙනවා. එයාලට ඇති අවශ්‍යතාවය ඉටුකර ගන්න.” 

 

පුවත යවන්න