වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව අදාළ වෙබ් අඩවියේ හිමිකරුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
ඔහු පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
මෙම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය මගින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
එම සැකකරුවන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සහ සැකකාරියන් 26 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර සැකකාරියන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය සදහන් කළා.
තවත් පුද්ගලයින් 16 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.