20 වැනි සංශෝධනය වහාම අවලංගු කර “19” වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බව හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් හිටපු ජනපතිවරයා පැවසුවේ ආණ්ඩුව සුසිල් ප්‍රේමජයන්ත මහතාට හයේ පහරක් එල්ල කළ බවයි.
තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම්.
ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා.