2017 පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු ඉන්දියාවේදී අල්ලයි

2017 වසරේ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2017 මැයි 9 වන දින පොලිස් නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිසිය වෙත වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියකු හා පාසල් සිසුවකු මිය ගිය අතර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව බරපතල තුවාල ලැබුවා.

එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගෙන තිබෙනවා.

එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු අතර, අපරාධකරුවන්ට තොරතුරු ලබාදීම යන චෝදනා ඔහුට එල්ල වී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පුවත යවන්න