කොරෝනා වසංගතය ලෝකයට පහරදුන් පසුගිය වසර තුල පමණක් චීනයෙන් නව බිලියනපතියන් 200ක් ඉක්මවා බිහිවී ඇති බව බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත පවසනවා.
එහි දැක්වෙන්නේ පසුගිය වසරේ චීන ආර්ථිකයේ අඩු වර්ධනයක් පැවතියද මෙම වසරේදී එම අඩුපාඩුවද පියවා ගන්නා මට්ටමක් දක්නට ලැබෙන බවයි.
2020 දී පමණක් චීනයේ නව බිලියනපතියන් 259ක් නිර්මාණය වූ බවයි මේ පිළිබද දත්ත හෙළිකරමින් ගෝලීය ධනවතුන්ගේ නවතම වාර්තාව පවසන්නේ .
මේ වන විටත් චීන ආර්ථිකය වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වන අතර එරට කොටස් වෙළදපලද වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා.
පසුගිය වසරේදී ලෝක ආර්ථිකය පසුබෑමකට ලක්වූ අතර එක්සත් ජනපදයේ සියයට 3.7 ක්, ජර්මනියේ සියයට 5 ක් හා එක්සත් රාජධානියේ සියයට 11 ක් ලෙස එම පසුබැස්ම සටහන් වුණා.
චීනයේ මෙමෙ ජයග්‍රහණ පසුපස කොරෝනා වසංගතය පවතින බවටයි තවදුරටත් බටහිරින් චෝදනා එල්ලවන්නේ.