2021 ලෝක ආර්ථිකය සියයට 6කින් වර්ධනය බව හෙලිකරයි

මෙම වසර තුල ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 12.5 ක් තරම් ඉහළ අගයකට පත්වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ, කොරෝනා අවදානම නොතකා එම වර්ධනය අත්කර ගැනීමට ඉන්දියාව සමත් වන බවයි.
මෙම වසරේ චීනයේ ආර්ථික වර්ධනය සියයට 8.4 ක් බවට පත්වීමට නියමිතයි.
අමෙරිකාවේ 2021 ආර්ථික වර්ධනය සියයට 6.4 ක් ලෙස ගණනය කරනු ලබනවා.
සමස්ථ ලෝකයේම ආර්ථිකය සියයට 6කින් වර්ධනය වන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

පුවත යවන්න