2022 ලෝකයේ ආකර්ෂණීය ගමනාන්ත අතරට ලංකාවත් නම් කරයි

2022 වසරේ ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබෙනවා.
නවතම වාර්තාවක් මගින් සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ , මෙහිදී ලෝකයේ සුවිශේෂ ස්ථාන 22ක් නම් කර ඇති බවයි.
ඇන්ටිගුවා හා බර්මියුඩා, ගිනි බිසව්,කැනඩාවේ නෝවා ස්කෝටියා, චිලී, ශ්‍රී ලංකාව, ප්‍රංශය , ග්‍රීන්ලන්තය,ගැබොන් මෙහි ප්‍රධාන ගමනාන්ත 10ට නම් කර තිබෙනවා. ජෝර්දානය, පින්ලන්තය, ඔස්ටේ්‍රලියාව,ඉතාලිය, පේරු,බ්‍රිතාන්‍යයේ ඕක්නේ දූපත්, ඔස්ලෝ , පලාවු,මලයාසියාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය,අමෙරිකාවේ යෙලෝ ස්ටෝන් උද්‍යානය එහි අනෙක් ස්ථාන වනවා.
2022 වසරේ ලංකාවේ ආකර්ෂණීය ස්ථාන ලෙස කොළඹ නගරය හා ජෙෆ්රි බාවා නිවස නම් කර තිබීම විශේෂත්වයක්.(CNN) – අමල් අල්මේදා

පුවත යවන්න