2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල කැනඩාව වර්ජනය කරන ලකුණු

2022 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත ශීත සෲතු ඔලිම්පිත් තරගාවලියෙන් කැනේඩියානු කණ්ඩායම ඉවත් කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.
ඒ එරට තුල සිදුකළ මත විමසුමකට අනුවයි.
ඒ අනුව සියයට 56ක පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ චීනයේ පැවැත්වෙන මෙම තරගාවලිය වර්ජනය කළ යුතු බවයි.
ඒ චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා මතයි.
උයිගර් මුස්ලිම්වරුන්ට හිංසා කරන බවට හා රුදවුම් කදවුරුවලදී හිංසනයන්ට ලක් කරන බවට චීනයට චෝදනා එල්ලවී තිබෙනවා.

පුවත යවන්න