2024 ජනාධිපතිවරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පොදු අපේක්ෂකයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් මේ බව විස්තර කරමින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සදහන් කළා.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් අනුරුද්ධ පාදෙනිය ඇතුළු එම සංගමයේ නිලධාරීන්ට එරෙහිව ලබා ගනු ලැබූ අධිකරණ නියෝගයෙන් පසුව සංගමය තුල අර්බුධයක් හටගෙන නොපවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පුවත යවන්න