ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති සරත් වීරසේකර ඒ ආකාරයටම විසිඑක්වැනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බව එහිදී පවසා ඇත.
රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකග නැතැයි ද නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.