වයස අවුරුදු 30ට අඩු පළවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයි.
ඊයේ (2දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම දියවැඩියා සඳහා ඉන්සියුලින් සහ ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවත් එය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය. විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද සඳහන් කළේ කොවිඩ් වසංගතයේ වර්ධනය සමග දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වීමෙන් ඇතිවන මරණවල වැඩිවීමක් පෙන්නුම් කරන බවය.
එම නිසා සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලැබෙන පළමු අවස්ථාවේදීම ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි.
මෙහිදී විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ දිවයින පුරා නිවාස 500ක් ආශ්රයෙන් සිදු කළ සමීක්ෂණයකදී දියවැඩියාව වැලඳී ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවට තහවුරු බවය.
වරුණි පෙරමුණ