ලබන 31 වනදාට පෙර දිවයිනේ සෑම ත්‍රි රෝද රථයක්ම ඔවුන්ට අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී අදාළ ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සදහන් කර තිබෙනවා. එමෙන්ම උද්‍යාන සදහා භාවිත කරන උපකරණ, විදුලි ජනන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ ද තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර පදිංචි ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර චැසි අංකය යටතේ ලියාපදිංචි විය නොහැකි වාහන සදහා ආදායම් බලපත්‍ර අංකය යටතේ ලියාපදිංචි විය හැකි අතර ලබන සිකුරාදා සිට එය ක්‍රියාත්මකයි. එමෙන්ම 49 සීසී කාණ්ඩයේ යතුරුපැදිකරුවන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එමගින් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටින්නේ.