60 ට වැඩි හා රෝග සහිත අයට එන්නත දෙන්න /ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

වයස අවුරුදු 60 ට වැඩි හෝ 30 ට වැඩි නිධන් ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කළේ මෙරට මරණවලින් සියයට 84 ක්ම වයස අවුරුදු 60 ට වැඩි හෝ නිධන්ගත රෝගවලින් පෙළෙන අය බවයි.

ඊයේ දිනයේ නව ආසාදිතයන් 1,554 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ අසු හත් දහස් නවසිය හැත්තෑ තුනක් ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,511 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 43 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 21,318 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ හැටදෙදහස් අටසිය විසි අටක්මරණ 43 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,870 ක් ලෙසයි.

මේ අතර කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පමණක් ක්‍රියාත්මක කොරෝනා රෝග ලක්ෂණ  නොමැති සහ නිධන්ගත රෝගවලින් තොර ආසාදිතයන් නිවෙස් තුළ අධීක්ෂණ ක්‍රියාවලිය සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කරන්නැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

පුවත යවන්න