65ට වැඩි අයට ඔක්ස්ෆර්ඩ් එන්නත වැඩක් නෑ / ජර්මනිය කියයි

ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කළ ඇස්ට්‍රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට ලබා නොදීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.
ඒ එන්නත ලබාදුන් වැඩිහිටි පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බ්නධ ප්‍රමාණවත් මට්ටමේ සාධක නොමැතිවීම මතයි.
එම එන්නත ලබාගත් අවුරුදු 65 ඉක්මවූ වැඩි පිරිසක් කොරෝනා අවදානමට ලක්ව තිබීම ද මේ සඳහා බලපා තිබෙනවා.
කෙසේ වෙතත් අනෙක් වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එය ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් සපයන බවයි හෙළිව ඇත්තේ.
දැනට පරීක්ෂණ මගින් හෙළිව ඇත්තේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ සාර්ථකත්වය සියයට 65ක් පමණ වන බවයි.

පුවත යවන්න