8 වන විධායක ජනාධිපති ලෙස රනිල් දිවුරුම් දෙයි

මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා

දිවුරුම්දීම චාම් උත්සවයක් ලෙස  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ එම ධුරයේ දිවුරුම්දීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.

එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ,නව ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තා.

ජනාධිපති බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක්වුණා.

ත්‍රිවිද හමුදාවේ හා පොලීසියේ ගෞරව උත්තමාචාරයක් ද පැවැත් වුණා.

දිවුරුම්දීම සිදු වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිටදීයී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ජනාධිපතිතුමා සිය ධුරයේ දිවුරුම් දුන්නා.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ , ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබා ගත්තා.

මේ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු ඉදිරියේදී පත් කර ගැනීමට නියමිතයි.

පුවත යවන්න