කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළා.
මේ අතර එම නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවින හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.
එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුව රෝහල්ගත කළ බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරවයා සඳහන් කළේ නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය හෙළීමට කටයුතු කරමින් ඇති බවයි.