පන්දහසේ දීමනාව යළිත් ලබා දීමට සැලසුම්

එළඹෙන සතියේ සිට යළිත්  රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව වාසුදේව නානායක්කාර මහතා පවසයි. .

මේ අනුව එම රු .5000 දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත ලබාදෙන බව ඔහු සඳහන් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹ දී මෙම අදහස් පළකර තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර,

“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි.”

පුවත යවන්න