මෙරට කොරෝනා මරණවලින් 1007 ක් වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන්

මේ දක්වා මෙරට තුල සිදුවූ කොරෝනා මරණවලින් 1007 ක් වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ බව අනාවරණවී තිබෙනවා.
අවුරුදු 51 – 60 අතර වයස් සීමාවේ කොරෝනා මරණ 198ක් මෙරට තුල සිදුව තිබෙනවා.
වයස අවුරුදු 31 සිට 40 දක්වා වූ වයස් සීමාවේ මරණ 37 ක්ද,41 – 50 අතර වයස් සීමාවේ කොරෝනා මරණ 103ක්ද ලංකාවේ සිදුව තිබුණා.
අවුරුදු 10 සිට 30 දක්වා වූ වයස් සීමාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 16 ක්.
කොරෝනා මරණ 2ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 1 සිට 9 දක්වා වයස් කාණ්ඩය තුලයි.

පුවත යවන්න