ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දින පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 608 දෙනෙකු වාර්තා වූ බවයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 547ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 447 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.
මහනුවරින් 108ක්ල ගාල්ලෙන් 143ක්ල කෑගල්ලෙන් 136ක් වශයෙන් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී ඇත.
ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2ල859ක් වාර්තා වු අතර ඉන් ආසාදිතයින් 10දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.