කොරෝනා නව ප්‍රභේද සොයා යළි පරීක්ෂණයක්

මෙරට පැතිරයන දැඩි කොරෝනා වෛරස ප්‍රභේද පිළිබද සෙවීම අද සිට ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතාල ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අද සිට ආරම්භ කෙරෙන එම පරීක්ෂණවල ප්‍රතිඵල සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මෙලෙස පරීක්ෂණ සදහා යොදා ගැණෙනු ඇත.

ලෝකයේ රටවල් කිහිපයක සීඝ්‍රෙයෙන් ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේද පහක් මීට පෙර මෙරටින් සොයාගෙන තිබුණා.

පුවත යවන්න