ඉන්දියාවේ කළු දිලීරය බරපතල මට්ටමින් ඉහළට

කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාව තුළ කලු දිලීරය හිස එසවීම එරට සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

මේ වනවිට එරටින් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ යම් පහල යාමක් දක්නට ලැබුණද කලු දිලීරය වැලදුනු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට එරටින් කලු දිලීර ආසාදිතයින් නවදහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

මහාරාෂ්‍ට්‍ර හා ගුජරාට් යන ප්‍රාන්තවලිනුයි වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ. කොරෝනා වයිරසය වැලදුනු දියවැඩියා රෝගීන්ට කලු දිලීරය වැලදීමේ වැඩි අවදානමක් පවතින බව ඉන්දියාවේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එයට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි වාර්තා වන්නේ.

පුවත යවන්න