ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.
තාක්ෂණික කාරනා මත පදනම්ව නීතිපතිවරයාගේ ද උපදෙස් මත සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව වාහාම නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.