සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
වෙළෙඳසල් විවෘත කිරීම හේතුවෙන් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව වෙළෙඳසල්වලට ගමන් කිරීම වැඩි වී ඇති බව නිරීක්ෂණය කර ඇත.
ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ද වෙළෙඳසල් විවෘත කිරීමට සහයෝගය ලබාදී ඇති බවටද පොලිස් මූලස්ථානයට පැමිණිලි ලැබී තිබේ.
ජංගම අලෙවි බලපත්‍ර ලබාගනිමින් එය අවභාවිත කරමින් වෙළෙඳ ව්‍යාපාර සිදුකරන අවස්ථා පිළිබඳව පොලිස් මූලස්ථානය නිරීක්ෂණය කර තිබේ.
මෙම නිසා යුද හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය, කොට්ඨාස බුද්ධි නිලධාරීන් හා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඒකාබද්ධව විවෘත කර ඇති වෙළෙඳසල් සොයා වාර්තාවක් ලබාදීම ඊයේ (1දා) ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙළ සංචරණ සීමා අවසන් තුරු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.