රටේ ආත්ම ගරුත්වය හා විස්වාසය ආරක්ෂා කිරීම සියලු දේශපාලනඥයින්ගේ වගකීමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ සිත් තුළ ගොඩ නැගී තිබූ මහත්වූ බලපොරොත්තු සියල්ලම සුනුවිසුණු වී ගිය වාතාවරණයක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.
රට ආරක්ෂා කරන බවට භාරගත් පිරිස් රට විනාශයට ඇදදමමින් පවතින බවට කාදිනල් හිමියන් මෙහිදී චෝදනා කළා.