වික්ටෝරියා ප්‍රාන්තය තුල ශීග්‍ර ලෙස පැතිර ගිය Delta නමින් හඳුන්වන නව කොරෝනා ප්‍රබේදය පසුගිය මස මුලදී ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි සංචාරක පුද්ගලයකු හරහා සිදුව ඇති බවට හෙළිව තිබේ.
Glen Eira නම් මෙම පුද්ගලයා පසුගිය මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා ප්‍රබේදයේ ජානමය අනුක්‍රමය එම පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල සමග සැසඳෙන බව වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino පවසයි.
මෙම පුද්ගලයා නිරෝධායනය වීම සඳහා Ibis හෝටලයේ මැයි 8 වැනිදා මුලින්ම සිට ඇති අතර පසුව මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලය වෙත මාරු කොට තිබේ. නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මැයි මස 23 වැනිදා ඔහු Holiday Inn හෝටලයෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයින් හට වෛරසය අසාදනය වී ඇත්තේ මෙම පුද්ගලයා හරහාද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
ප්‍රාන්ත වැඩබලන පොලිස් හා හදිසි සේවා අමාත්‍ය Danny Pearson සඳහන් කොට සිටියේ මෙම පුද්ගලයා සමග ඔස්ට්‍රේලියාවට පැමිණි සෙසු පිරිසට සිදු කල පරීක්ෂණ වලදී ඔවුන් වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වූ බවයි.
එමන්ම සිදු කල පරීක්ෂණ වලට අනුව, මෙම පුද්ගලයා මැයි මස 8 වැනිදා Ibis හෝටලයේ සිටින විට එදින නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 268 දෙනෙකු එම හෝටලයේ සිට ඇති අතර මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලයේ නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 360 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති හෙළිව තිබේ.
කෙසේ නමුත් මේ වනතෙක් එම කාලය ඇතුලත මෙම හෝටල් තුල නිරෝධායන නීති උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොපවතින බව අමාත්‍ය Danny Pearson පවසයි.
කෙසේ නමුත් වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59ට මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි පවතින කොරෝනා සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුම් තවමත් හෙළි කල නොහැකි බවයි.
මේ වනවිට ප්‍රාන්ත Contact tracing කණ්ඩායම් සිය වගකීම සාර්ථක ලෙස සිදු කරන අතර මෙල්බර්න් කොරෝනා පොකුර හා සම්බන්ධ විය හැකි බවට සැක පවතින සියලු දෙනා සම්බන්ධ කරගැනීමට ඔවුන් සමත්ව ඇති බවද වැඩබලන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (07/06) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ අතර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 22, 814 ක් තුලින් මෙම ආසාදිත සංඛ්‍යාව හමුව තිබේ. එමෙන්ම ඊයේ දිනයේදී වික්ටෝරියානු වැසියන්ට කොරෝනා එන්නත් මාත්‍රා 21,192 ලබා දී ඇතැයිද වාර්තා වේ. – SBS