රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය ගැන රජය තීරණයක් ගනී

ශ්‍රී ලංකා රේගුව මගින් රාජසන්තක කරනු ලබන ආහාර ද්‍රව්‍ය ලංකා සතොස මගින් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එම ආහාර ද්‍රව්‍ය සහන මිලට ජනතාවට ලබාදීමට නියමිත බවයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් මෙලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

පුවත යවන්න