ලෝකයේ කොටසක අන්තර්ජාලය බිදවැටේ / ලොව ප්‍රකට වෙබ් අඩවි අක්‍රීයයි

ලෝකය පුරා රටවල් ගණනාවක රජයේ නිල වෙබ් අඩවි හා ලොව ප්‍රකට මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි බිද වැටී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ , බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවිය , නිව් යෝර්ක් ටයිම්ස් , ෆයිනෑන්ෂියල් ටයිම්ස් , ගාඩියන් , ඇමසන් , රෙඩිට් ,ටුවිච්, ඇතුළු වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් මෙසේ බිද වැටුණු බවයි.
මෙය ලෝකයේ කොටසක අන්තර්ජාල බිදවැටීමක් ලෙස ද හදුනාගෙන තිබෙනවා.
ක්ලවුඩ් තාක්ෂණය සම්බන්ධ වෙබ් අඩවි හා අන්තර්ජාල පහසුකම් මෙසේ බිදවැටී ඇති අතර ඊට හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න