ජුනි 14න් පසු සංචරණ සීමා ගැන තවමත් තීරණයක් නෑ / හමුදාපති

ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින උදෑසන 4ට ඉවත්කිරීමට නියමිතයි.

පුවත යවන්න