රොනාල්ඩෝගේ වීඩියෝවෙන් කොකාකෝලා සමාගමට දැවැන්ත අලාභයක් (VIDEO)

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොන්ල්ඩෝගේ ක්‍රියාවක් හේතුවෙන් කොකා කෝලා සමාගමට දැවැන්ත පාඩුවක් සිදුව තිබෙනවා.
යුරෝ 2020 පාපන්දු තරගාවලියේ මාධ්‍ය හමුවකට සහභාගී වූ රොනාල්ඩෝ තමන් ඉදිරියේ රදවා තිබූ කොකා කෝලා බෝතල් දෙකක් ඉන් ඉවත් කර වතුර බීම සුදුසු බව ප්‍රකාශ කිරීම සමග මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.
ඒ අනුව පැය කිහිපයකින් කොකා කෝලා සමාගමේ කොටස් මිල පහත වැටුණු අතර එම අලාභය ඩොලර් බිලියන 4ක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
රොනාල්ඩෝ දිගු කලක සිට සෞඛ්‍ය සම්පන්න ආහාර පාන සඳහා ජනතාව දිරි ගන්වන අතර හානිකර මට්ටමේ ආහාර පාන ඔහු ප්‍රවර්ධනයෙන් ද වැලකී සිටිනවා.

 

පුවත යවන්න