සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.
හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (16) සිදුකළ පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය මෙම විමර්ශනය සිදුකරයි.
සොරකම් කළ බව කියන එන්නත් තොගයේ වටිනාකම රුපියල් 90,000 ක් වේ.
අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකු සිද්ධියට වගකිව යුතු බවට පැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේයග