ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 55ක් වාර්තාවී තිබෙනවා.
මෙම මරණ ඊයේ (17) දිනය තුල සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2480ක් ලෙසටයි.
අද දිනයේ තහවුරු කළ මරණ අතර අවුරුදු 30ත් 59ත් කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වනවා.
අවුරුදු 60සහ ඊට වැඩි කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයන් 24ක් ද මෙම මරණ අතරට අයත්.