සිමෙන්ති මිල වැඩි කරන්නත් ඉල්ලීම්

සිමෙන්ති මිල වැඩි කිරීමට ද ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති මෙන්ම කුකුළු මස් මිල ද වැඩි කිරීමට ඉල්ලීම් පවතින බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේ.

පුවත යවන්න