සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලය තුළ මගී ප්‍රවාහනය

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අනිද්දා අලුයම 4 ට ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේ වුවද පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වනවා.

මෙසේ ලිහිල් කෙරෙන සංචරණ සීමා ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 4 දක්වා පෙර පරිදිම ක්‍රියාත්මකයි.

ජනතාව ඒකරාශීවීම් වෙනුවෙන් පනවා ඇති නීති තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන සීමිත සංඛ්‍යාවක් යටතේ පවත්වා ගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයි. සියලු වෙළෙද සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීම අත්‍යාවශ්‍ය වනවා.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික සහ ලංගම බස් රථ කිහිපයක් ද ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ අතර  දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබදව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන,  ගාමිණී සෙනරත් මහතා මෙසේ පැහැදිලි කළා.

පුවත යවන්න