සෑම දෙනාගේම අවධානය කොරෝනා දෙසට යොමුව ඇති මෙම වකවානුව තුළ ඩෙංගු වසංගතය හිස ඔසවමින් තිබෙනවා.මේ හේතුවෙන් ඩෙංගු මර්දනයටද අවධානය වැඩි වශයෙන්ම යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතවගෙන් ඉල්ලා සිටියි.
අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය අඩු වෙමින් පැවතීම මීට හේතුවයි. නිවාස මෙන්ම සෙසු පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථාන ලෙස පවත්වාගෙන යාමට සියලු දෙනා වග බලා ගැනීම කොරෝනා උවදුරට මුහුණ දී සිටින මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම කරුණක් වනවා.