ඔලිම්පික් තරගාවලියට ආ උගන්ඩා කණ්ඩායමේ පුහුණුකරුවකුට කොරෝනා

ජපානයේ ආරම්භවීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණි උගන්ඩා කණ්ඩායමේ පුහුණුකරුවකු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
නව දෙනෙකුගෙන් සමන්විත උගන්ඩා කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක් ජපානයේ නරීටා ගුවන්තොටුපොළ ඔස්සේ පැමිණ ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී මෙම ආසාදිතයා හඳුනාගෙන තිබෙනවා.
එම පුද්ගලයා උගන්ඩාවේ දී කළ පරීක්ෂණයේදී ආසාදිතයකු නොවන බව හඳුනාගෙන තිබෙනවා.
ඔහු කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබීම ද විශේෂත්වයක්.

පුවත යවන්න