කොළඹ නාගරික සීමාව තුළ දෛනික අහඹු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ පැවැසුවාය.
මහල් නිවාස, වතු නිවාස සහ අධි අවදානම් කලාපවල මෙම අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකරන බව ඇය සඳහන් කළාය. එසේම සාමාන්‍යයෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ දෛනික පී.සී.ආර් පරීක්ෂණ 600ක් පමණ සිදුකරන බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
මෙම අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම දැනටමත් ක්‍රියාත්මක බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.