ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂාවන් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිත බවට සැක කාන්තාවක් මාදිවෙල ප්‍රදේශයෙන් ඊයේ(22) හඳුනා ගත් අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, 53 හැවිරිදි අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඒ අනුව, මෙරටින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට සැක කරන පිරිස 6 ක් දක්වා වර්ධනයවී තිබෙනවා.
මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ ක්‍රියකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ආසාදිතයින් සම්බන්ධ දෛනික තොරතුරු මත පදනම්ව ඉදිරි තීරණ ගන්නා බවයි.