ඇස්ට්‍රසෙනිකා එන්නත යළි අපනයනයට ඉන්දියාව සූදානමින්

ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් එම රටවලට නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව බව ඉන්දියාව් පළවන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කළා.

ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත රටවල් කිහිපයකට ලබාදුන් අතර එම එන්නත නිෂ්පාදනය කළ සීරම් ආයතනය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් හා කොවිඩ් ආසාදිත රෝගීන් සදහා කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය නවතා දැමුණා.

කෙසේ වුවද කොවිඩ් මර්දන එන්නත් අපනයනය මේ වනවිට නතර කර ඇති ඉන්දියාව යළි එම කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

පුවත යවන්න