වහල මත නැග උද්ඝෝෂණ කරමින් බන්ධනාගාර ආරක්ෂාවට මෙන්ම දේපලවලට හානි කරන රැදවුවන්ට මින් ඉදිරියට කිසිදු සමාවක් ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මහර හා වැලිකඩ බන්ධනාගාර දෙකෙහි දින හතරක සිට රැදවුවන් පිරිසක් ආහාර වර්ජනය නිරත වනවා. මෙයට සම්බන්ධව සිටින්නේ මරණ දඩුවමට ලක්ව සිර දඩුවම් විදින රැදවුවන් පිරිසක්. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට දී ඇති මරණ දඩුවම වසර විස්සක සිර දඩුවමක් දක්වා අඩු කරන ලෙසයි.
මෙම ඉල්ලීම සම්බන්ධව අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ.