එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ.
එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, උප නායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ය.
පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
SLC has decided to bring back cricketers Kusal Mendis and Niroshan Dickwella for breaching the bio-bubble.
Video Credit – Nazzer Nisthar #ENGvSL pic.twitter.com/kfGrLC9MQv
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) June 28, 2021