පාන් මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණයක්

එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දමන ලද බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න