ඉදිරි කාලය යළිත් අවදානම් / PHI සංගමය කියයි

ඉදිරි සමය කොරෝනා ව්‍යාප්තිය පිළිබද අවදානම් කාලයක් වීමට ඉඩ ඇතැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම පළාත් අතර සංචරණ සීමා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත්, සමහර ජනතාව මුව ආවරණ නොපැළඳ මහමඟ ගමන් කරන බවත් ඔහු කියා සිටියා.

පළාත් අතර මේ වෙද්දී සංචරණ සීමා කිරීම් හෝ පරීක්‍ෂා කිරීම් නැහැ. ඒ වගේම මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන් මහමඟදී දක්නට ලැබෙනවා. ඒ වගේම මහජනතාව සාමාන්‍ය පරිදි හැසිරෙනවා.

ඉදිරි කාල සීමාව ඉතාමත් ම අවදානම්. විශේෂයෙන් ම දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින්ම හමුවෙලා තියෙන ඩෙල්ටා ප‍්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරිලා පුද්ගල මරණ ඇතිවෙන්න පුළුවන්. ඉන්දියාවේ අවසාන වශයෙන් ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයට මේ රටත් පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ටා ප‍්‍රභේදය පිළිබඳව සියලූම ප‍්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි සංඛ්‍යාලේඛන අපිට ලබාදෙන්න ඕනෑ. මේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුතුව නොවෙයි මේ වෙද්දී කොවිඞ් – 19 පාලන වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෘත දේහ සම්බන්ධව හා නිරෝධායනය සම්බන්ධව නිකුත් කරලා තියෙන චක‍්‍රලේඛ නිසා ආසාදිතයන් යටපත් වීමක් වෙන්නත් පුළුවන්.

පුවත යවන්න